Sunday, August 2, 2015

කමක් නෑ ඔයාල හොදින් ඉන්න

දුක තවමත් පියවි ලෝකයට පියනගන්න බැරිකම
එක දවසක් ආදරෙන් හාදු දුන්න කම්මුල් පුපුරා යන්න ගහන්න
තව දවසක් ආදරෙන් පිරිමැද්ද කොන්ඩෙන් ඇදලා ගහන්න
තවත් දවසක ආදරෙන් අල්ලගන ගිය අත තුවාහ වෙන්න ගහන්න ඔයාට පුලුවන් කියලා මම දැනගන හිටියා..........
ඒත් ඔයාගේ උනුසුමට තුරුලු වෙන්න වෙන කෙනෙකුට ඉඩ තියෙයි කියලා මම හිතුවේ නෑ.
ඔයා මට සදහටම නැතිවෙලා යනවා කියලා දැනෙනකොට මගේ මුලු ලෝකෙම නවතිනවා.
ඒත් පුදුමේ මට දැන් දුකකුත් නෑ, සතුටකුත් නෑ
කාලය මැවු වෙනසක අරුමේ!

1 comment:

  1. හිතන්න එපා බං පොඩිදුවේ!!!
    ඔව්වා ඔහොම තමයි!!
    ජීවිතේ හැටි!!!

    ReplyDelete