Wednesday, August 12, 2015

ඇය ගරුත්වය ලැබිය යුතුය

ගැහැණිය
තොටිල්ල පදවන ඇය
ආත්මශක්තියේ උල්පත
යම් තැනකදී සියුම් පවනකින් පවා නැමී යන්නීය
තවත් තැනකදී යකඩයකට පවා ඇයට වඩා ශක්තිමත් විය නොහැක
කෙසේ නමුදු පරලොවක් දෙව්ලොවක් කරන්නටද
සතුටේ උල්පත වීමටද ඇයට හැකිය
ඇය තමාටම වෙන්වූ ප්‍රතිරූපයක් ගොඩනගාගන්නේ නම්
ඇයට වැ‍රැද්ද දැක නැගීසිටින්නට හැකිනම්
එයට ගරු කරන්න
ඈ නොවලක්වන්න
මන්දයත් ඇය ගල්කැට අතර මැණිකක් වන බැවිනි.

No comments:

Post a Comment