Wednesday, August 12, 2015

ඇය ගරුත්වය ලැබිය යුතුය

ගැහැණිය
තොටිල්ල පදවන ඇය
ආත්මශක්තියේ උල්පත
යම් තැනකදී සියුම් පවනකින් පවා නැමී යන්නීය
තවත් තැනකදී යකඩයකට පවා ඇයට වඩා ශක්තිමත් විය නොහැක
කෙසේ නමුදු පරලොවක් දෙව්ලොවක් කරන්නටද
සතුටේ උල්පත වීමටද ඇයට හැකිය
ඇය තමාටම වෙන්වූ ප්‍රතිරූපයක් ගොඩනගාගන්නේ නම්
ඇයට වැ‍රැද්ද දැක නැගීසිටින්නට හැකිනම්
එයට ගරු කරන්න
ඈ නොවලක්වන්න
මන්දයත් ඇය ගල්කැට අතර මැණිකක් වන බැවිනි.

Sunday, August 2, 2015

කමක් නෑ ඔයාල හොදින් ඉන්න

දුක තවමත් පියවි ලෝකයට පියනගන්න බැරිකම
එක දවසක් ආදරෙන් හාදු දුන්න කම්මුල් පුපුරා යන්න ගහන්න
තව දවසක් ආදරෙන් පිරිමැද්ද කොන්ඩෙන් ඇදලා ගහන්න
තවත් දවසක ආදරෙන් අල්ලගන ගිය අත තුවාහ වෙන්න ගහන්න ඔයාට පුලුවන් කියලා මම දැනගන හිටියා..........
ඒත් ඔයාගේ උනුසුමට තුරුලු වෙන්න වෙන කෙනෙකුට ඉඩ තියෙයි කියලා මම හිතුවේ නෑ.
ඔයා මට සදහටම නැතිවෙලා යනවා කියලා දැනෙනකොට මගේ මුලු ලෝකෙම නවතිනවා.
ඒත් පුදුමේ මට දැන් දුකකුත් නෑ, සතුටකුත් නෑ
කාලය මැවු වෙනසක අරුමේ!