Monday, August 11, 2014

අද සිට ලියමි...

මට බ්ලොග් එකක් ලියන්න උවමනාවක් තිබුණට ලියන විදිහ දැනගෙන හිටියෙවත් ලියන්නයි කියල මහා වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියුවම අපේ ලොකු අයියා මට බ්ලොග් එකක් හදල දුන්නා. අයියේ බොහොම පිං!!


මම මෙහෙම හිටියට අවුරුදු පහේදි අපේ ගෙදර ඡන්ද ‍රැස්වීම් වලට අාපු මිනිස්සුන්ට මහජන එක්සත් පෙරමුණට ඡන්දේ දෙන්න කියන තරමට පැහිලා හිටියා. වයසෙන් වගේම අත්දැකීම් වලින් වැඩෙද්දි දේශපාලනේ වගේම සමාජයෙත් කලු සහ සුදු පැතිකඩවල් දකින්න සහ අඳුනගන්න මට පුළුවන් උණා. ඒ නිසා මම දැන් නිර්පාක්ෂිකයි.


වයසට මේ ලෝකෙ දැක්ක සහ නොදැක්ක ගොඩක් දේවල් එක්ක මමත් මගේ වයසෙ අනිත් හැම කෙල්ලෙක්ම වගේ පාට පාට ලෝක වල ජීවත් වෙනවා. එත් මම කැමති ඒ පාට අතරින් ටිකක් යථාර්ථයට එබිල බලන්න. 
 


අපි ජීවත් වෙන මේ පුංචි ලංකාවේ මිනිස්සු කොටසක් දේශපාලනික හා සමාජීය වශයෙන් කොපමණ නුගත්ද කියන කාරණාව මගෙ හිතට මුල්ම වතාවට තදින් කාවදින්නේ මගේ දේශපාලන විද්‍යා ගුරුතුමා වූ හේමප්‍රිය කවිරත්න මහත්මයා පන්තියෙදි කරපු ප්‍රකාශයකින්. එදා එතුමා කියුවේ "මධ්‍යම කදුකරයේ තේ වතුවල ජීවත් වෙන වතු කම්කරුවන්ගෙන් වැඩි පිරිසක් දන්නෙ නෑ තමන් කම්කරුවෙක් කියලා".


මම දේශපාලන සමාජීය වශයෙන් ඇසූ පිරූ තැන් සුලභ කෙනෙක් නොවුණත් මම කැමතී නීති ශිෂ්‍යාවක් විදිහට මට දැනෙන දේ බෙදාගන්න.

4 comments:

  1. ඔන්න හරි එහෙනං!!
    දැං ඉතිං අපිට පිස්සු කතා ටිකක් කියවන්න පුළුවං ඈ!!!!

    ReplyDelete
    Replies
    1. දැන් පිස්සුව තදයි. කොහොම උනත් බ්ලොග් එක හදලා දුන්නට නම් පිං........

      Delete
    2. ස්තූති ඕනෙ නෑ බං නංගියේ!! එව්වා අපේ යුතුකං!!
      පිස්සුව තදයි කියලා අමුතුවෙං කියන්න දෙයක් නෑ. මං දන්නේ නැද්ද ඉතිං!!!

      Delete
  2. පිරේගෙ ඔත්තුව දිගේ ආවෙ. එහෙනම් ලියන්නකෝ....

    ReplyDelete