Tuesday, August 19, 2014

ජීවිතය සහ අපි!

මේ ලෝකේ ජීවත් වෙනකොට අපිව සතුටින් තියන අයවම, අපිට හොද කරන අයවම හොයගන ඒ අයත් එක්ක ඉන්න බෑ.
කරන්න පුලුවන් එකම දේ, හොදින් සතු‍ටු වෙලා, නරකින් හිත රිදවාගන්නේ නැතුව, ජීවත් වෙන එක. සතුට හොයාගන්න ලෝකෙම පීරලා හොයන්න ඕන නෑ. එක තියෙන්නෙ තමන්ගෙම හිත ඇතුලේ. වෙන අය කරන නරක නිසා මම තරම් කාලකන්නියෙක් මෙ ලොකේ නෑ හැමෝම හදන්නේ මාව පහලට දාන්න කියලා දුක් වෙන අයට අයිති පැරදුම, දුක සහ පසුතවිල්ල විතරයි. හැබැයි ඔය බාදා පහු කරලා ඉදිරියට යන කෙනා ජීවිතය දිනනවා. ඒ කෙනාට පුලුවන් කවදා හරි දවසක තමන්ට දුක් කරදර දුන්න අයව තමන්ගේ දෙපා මුලට ගෙන්නගන්න. නින්දා, අපහාස, ගැරහුම් තාවකාලිකයි. තමන්ගෙ හිත දන්නවා නම් කරන්නේ හරි දේ කියලා, බය නොවී හිත ශක්තිමත් කරගන ඉදිරියටම යන්න. හැබැයි එ ගමනෙදී තමන් අනිත් අය නිසා විදපු දුක් කාටවත් දෙන්න එපා.

No comments:

Post a Comment